(சிங்கள மொழியில் முதல் முயற்சி )
ගමේ පන්සල අපේ පන්සල කියා
අපේ පොඩි සාදුගෙන් පන්සිල් පද ඇහුවා
මට තාම මතකයි අපේ සාදු!
වෙසක් සඳ පායන්න කලින්
ලොකුම කූඩුව හදන සිතින්
මාර්ටින් සීයාගේ වත්තේ - හොරෙන්
උණබට කපන්න ගිහින්
ඇති වෙන්න ගුටි කාපු
ඒ පුංචි කාලේ
අද වගේම මතකයි අපේ සාදු!
අහල පහල ගමේ එවුන්
ජාතක කතා තේරුනත් නැතත්
අපේ තොරණ කියා ආඩම්බරෙන්
එක්කන් ආවා අදටත් මතකයි
අපේ සාදු!
අවුරුදු ගානක් ගෙවී ගියත්
එදා වගේම අදත් ආසයි
චමින්ද, නිර්මල් එක්ක ඇවිත්
පන්සල් වත්තේ පේර කඩන්නට
අපේ සාදු බලන් යන්නට
"තම්බියා" කියා අපේ සාදු
පන්නගන්නේ නැත්නම්
-- ජාවිඩ් රයිස්
|


2:51 AM
Like
Like 




0 comments:
Post a Comment